fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පවුල් ලක්ෂ 23කට අස්වැසුමක්

    පවුල් ලක්ෂ 23කට අස්වැසුමක්

    අස්වැසුම සමාජ සුබ සාධන යෝජනා ක්‍රමය යටතේ ජුලි මස පළ වෙනි දින සිට මෙරට පවුල් ලක්ෂ 23 කට මහජන ආධාර ලබාදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    සංක්‍රාන්ති හෙවත් දිළිඳුකමට ළඟා වෙමින් තිබෙන පවුල් ලක්ෂ 4කටත් අවදානමට ලක්ව සිටින පවුල් ලක්ෂ 4කටත් දුප්පත් පවුල් ලක්ෂ 8කට සහ අන්ත දිළිඳු පවුල් ලක්ෂ 4කටත් වශයෙන් එම ආධාර මුදල් ලබා දෙන බව ද වැඩබලන මුදල් ඇමතිවරයා කීය.

    ඒ අනුව සංක්‍රාන්ති පවුලකට මසකට රුපියල් 2500ක් ද අවදානමට ලක්ව සිටින පවුලකට මසකට රුපියල් 5000ක් ද දුප්පත් පවුලකට මසකට රුපියල් 8,500 ක්ද සහ අන්ත දිළිඳු පවුලකට මසකට රුපියල් 15000ක් බැගින් ද ලබාදීමට පියවර ගන්නා බව ද සේමසිංහ මහතා කීය.

    මීට අමතරව වකුගඩු රෝගියෙකුට මසකට රුපියල් 5000ක්, වැඩිහිටියකුට රුපියල් 2500ක් සහ ආබාධිත තැනැත්තකුට රුපියල් 5000ක් බැගින් වන මාසික ආධාරයක් ලබා දෙන බවද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    මින් ඉදිරියට සමෘද්ධි ව්‍යාපාරය මගින් ආධාර මුදල් ලබා නොදෙන අතර ඒ සියලු මුදල් අස්වැසුම යෝජනා ක්‍රමය මගින් ලබාදෙන බවද ඇමැතිවරයා කීය.

    මෙම සියලු මුදල් රාජ්‍ය නිලධාරීන් හරහා නොව ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට සෘජුවම යවන බවද ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    මේ සඳහා වසරකට රුපියල් කෝටි 20800ක් වැයවන බව ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.