තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාව UAE තරගය ජයගනී

    ලංකාව UAE තරගය ජයගනී

    ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ සිම්බාබ්වේ බුලුවායෝ ක්‍රීඩාංගණයේ අද (19) පැවැති තරගයෙන් එක්සත් ආරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 175කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩකයෝ සමත්වූහ.

    එමීර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6කට ලකුණු 355ක් ලබා ගත්හ. මුල් පෙළ පිතිකරුවන් සිවු දෙනාම අර්ධ ශතක ලබා ගත් මෙම තරගයේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු හැට තුනකදී වේගවත් ලකුණු 78ක් ලබාගත් කුසල් මෙන්ඩිස් ය.

    ලකුණු 366ක ඉලක්කයක් හඹා ගිය එමීර් කණ්ඩායමේ නායක මොහොමඩ් වසීම් ලකුණු 39ක් ලබා ගනිමින් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට මග විවර කළඳ සෙසු ක්‍රීඩකයන්ගෙන් ඊට සාධාරණයක් ඉටු නොවීය. එම නිසා එමීර් ඉනිම ලකුණු 180කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    වනිදු හසරංග ලකුණු 24කට කඩුලු 6ක් දවා ගත්තේය. සිය ජීවිතයේ හොඳම පන්දු යැවීම වාර්තාකළ වනිඳු හසරංග තරගේ වීරයා සම්මානය දිනා ගත්තේය.

    ශ්‍රි ලංකාව 355/6
    එමීර් රාජ්‍ය 180/10 (39)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img