Home special ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි -උසාවියෙන් තීන්දුවක්

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි -උසාවියෙන් තීන්දුවක්

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධියි -උසාවියෙන් තීන්දුවක්

පාකිස්තාන හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් එරට අගනුවර වූ ඉස්ලාමාබාද් හිදී ඉකුත් අඟහරුවාදා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින තීරණය කරනු ලැබීය.

ඒ අනුව හිටපු අග්‍රාමත්‍යවරයාටම වහාම නිදහස් කරන ලෙසට අධිකරණය එරට ආරක්ෂක අංශ වෙත නියෝග කලේය. ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් හී අධිකරණ පරිශ්‍රයේදී ආරක්ෂක අංශ සමාජිකයින් විසින් ඉතා ප්‍රවේග ශීලිව අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තර්ක කරමින් ඔහුගේ නීතිඥයින් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එහිදී එම කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ හිටපු අග්‍රාමත්‍යවරයාව නිදහස් කරන ලෙසයි. හිටපු අග්‍රාමාත්‍ය ඛාන් රදවා තබා ගැනීමත් සමඟ පාකිස්ථානය පුරා දැඩි විරෝධතා මාලාවක්ද පැතිර ගියේ. එහිදී පුද්ගලියන් දස දෙනෙකු පමණ මරණයට පත්ව තවත් විශාල පිරිසක් තුවලා ලැබූ අතර දෙදහසකට අධික පිරිසක් අත් අඩංගුවටද පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here