Home special චීන ජනපති ලබන 20 වැනිදා රුසියාවට

චීන ජනපති ලබන 20 වැනිදා රුසියාවට

චීන ජනපති ලබන 20 වැනිදා රුසියාවට

 
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියේ දී එක්වන රුසියානු නිල චාරිකාව, මිත්‍රශීලී සහයෝගිතාවයෙන් යුතු, සාමකාමී සංචාරයක් බව චීනය කියයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය.

චීන ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ ඇරයුමකට අනුව, ලබන 20 – 22 වැනි දා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

ද්විපාර්ශ්වික සබඳතාව සහ පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ගැටළු සම්බන්ධයෙන් නායක දෙපළ එහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගනු ඇත. උපායමාර්ගික හා ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කිරීම තුළින්, දෙරට සබඳතාවට මනා ගාමක බලයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද Wang Wenbin මහතා පවසයි.

පෙර නොවූ ආකාරයේ කැළඹීම් සහිත යුගයකට වත්මන් ලෝකය පිවිස ඇත. ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් මෙන්ම ලොව ප්‍රධාන හා දැවැන්ත රටවල් ලෙස, චීන-රුසියානු සබඳතාවේ වැදගත්කම ද්විපාර්ශ්විකත්වය ඉක්මවා යන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here