මතභේදයට තුඩුදුන් ඔත්තු බැලීමට යොදා ගත් බවට පැවසෙන චීන බැලුනය ඇමරිකා එක්සත් ජනපදය විසින් මිසයිල ප්‍රහරයකින් බිම හෙළා ඇත.
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළි අහසේදී බැලූනය බිම හෙළීමට පියවර ගත් බවයි.
කෙසේවෙතත් මෙම ප්‍රහරය සම්බන්ධයෙන් චීනයේ විදේශ අමාත්‍යාංශය පසුව ප්‍රකාශ කළේ සිවිල් මිනිසුන් රහිත ගුවන් යානාවලට පහර දීමට එක්සත් ජනපදයේ බලය යෙදවීමට එරෙහිව දැඩි අතෘප්තිය සහ විරෝධය පළකරන බවයි.
එක්සත් ජනපදය එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඇති වූ කුඩා පිපිරීමකින් පසු බැලූනය මුහුදට වැටෙන ආකාරය එක්සත් ජනපද රූපවාහිනී ජාලවල විශාප ප්‍රචාරයක් ලබා දෙමින් ප්‍රදර්ශනය කිරීමටද පියවර ගෙනි තිබීම විශේෂත්වයකි.
මෙම බැලුනය බිම හෙළීමට එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් පස්වන යුගයේ නවීනතම ප්‍රහාරක ජෙට් යානයක් වන් එෆ් 22 රුප්ටර් වර්ගයේ ගුවන් යානක් යොදා ගෙන AIM-9X Sidewinder වර්ගයේ මිසයිලයක් මගින් බැලුනම බිම හෙළීමට පියවර ගත් බව එක්සත් ජනපද ආරක්ෂක දේපාර්තමේන්තු අනාවරණය කළේය.
ආරක්ෂක නිලධාරීන් එක්සත් ජනපද මාධ්‍ය වෙත පැවසුවේ බැලුනයේ සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා නොගැඹුරු – අඩි 47 පමණ ගැඔුරකින් ඇති ජලයට පතිත වී ඇති බවයි.
එක්සත් ජනපද ආරක්ෂක අංශ පවසන අන්දමට කිලෝමීටර් 11ක් පුරා පැතිරී ඇති සුන්බුන් සොයා ගැනීමට හමුදාව දැන් උත්සාහ නිතරවන බවත් ඒ සඳහා දොඹකරයක් ඇතුළු නාවික නෞකා දෙකක් ප්‍රදේශයේ යෙදවීමට පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනයේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ,චීනයනිරීක්ෂණ බැලූනයේ සංවේදී තොරතුරු එකතු කිරීමෙන් ආරක්ෂා වීමට අවශ්‍ය සියලු පියවර ගත් බවත්, නිරීක්ෂණ බැලූනය එක්සත් ජනපදයට බුද්ධිමය වටිනාකමක් ඇති බවයි.
බැලූනයට වෙඩි තැබීමෙන් පසු බිඩෙන් මහතා පැවසුවේ “ බැලුනය සාර්ථකව බිම හෙළා ඇති අතර එය සිදු කළ අපගේ ගුවන් යානාවලට නියමුවන්ට ම ප්‍රශංසා කරනවා″ යනුවෙනි.
මෙම බැලූනය සොයා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා වර්ධය වූ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් මෙම සති අන්තයේ සැලසුම් කර තිබ චීන සංචාරය වහාම නතර කිරීමට පියවර ගෙන තිබිණි.
එක්සත් ජනපදය විසින් මෙම බැලුනය චීනය විසින් ඇමරිකාවේ ඔත්තු බැලීමට යොදාගත් බවට දිගින් චෝදනා කළද චීනය සඳහන් කර සිටියේ එය පුද්ගලික කාලගුණ නීරීක්ෂණ බැලුනයක් බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ බටහිර සමාජ මාධ්‍ය තුල ඇමරිකනු ගුවන් ආරක්ෂණ පද්ධතියේ හැකියාවන් සහ ඇමරිකානු ආරක්ෂක අංශ වලට සතුරු යානා හඳුනා ගැනීමට ඇති සත්‍ය හැකියාව සම්බන්ධයෙන් විශාල පිරිසක් සැක පළකර තිබීමට විශේෂත්වයකි.
සබැඳි පුවත්
ඇමරිකාව කැළඹූ චීන බැලුම