Home උණුසුම් පුවත් ඉන්දියාව පැය 3කට ශ්‍රී ලංකා ගුවන වසාදමයි

ඉන්දියාව පැය 3කට ශ්‍රී ලංකා ගුවන වසාදමයි

0
ඉන්දියාව පැය 3කට ශ්‍රී ලංකා ගුවන වසාදමයි
1057990750

ඉන්දියාවේ යුද අභ්‍යාසයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ කොටසක් අද (23) සවස 6.30 සිට පැය 3ක කාලයක් සඳහා වසා තැබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අදාළ කාලය තුළ වසා තැබෙන ගුවන් කලාපය හරහා ගුවන් ගමන් තහනම් වන අතර ඊට විකල්ප මාර්ග යොදාගත යුතු වේ.

ශ්‍රී ලංකාව මෙහෙයවන ගුවන් කලාපය පැය 3ක කාලයකට මෙසේ වසා තැබීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම්වල යම් වෙනසක් ද සිදුවනු ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිකරගත් එකඟත්වය අනුව මෙම ගුවන් කලාපය වසා තැබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය දා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු අතර මෙම යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් එම සංචාරයේ දී දැනුවත් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධ කරගැනීමට දුරකථනය ඔස්සේ ගත් උත්සාහය ව්‍යවර්ථ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here