fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"තව අරගලයකින් ආණ්ඩුව වෙනස් කරන්න මං ඉඩ දෙන්නේ නෑ"

    “තව අරගලයකින් ආණ්ඩුව වෙනස් කරන්න මං ඉඩ දෙන්නේ නෑ”

    තව අරගලයක් ඇතිකොට ආණ්ඩුව වෙනස් කිරීමට තමා කිසිසේත්ම ඉඩනොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එසේ කළහොත් හමුදාව යොදවා, හදිසි නීතිය පනවන බව ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

    “කොහොමත් අපි කැමති නෑ අද මේ රට ඩීන් ඩියම් පාලනයකට ගෙනියන්න. ඩීන් ඩියම්ලත් ඒ වටේ ඉන්න අයටත් නැගල ඉන්න මම ඉඩ තියන්නෑ. දැන් කියනවා ආපහු අරගලය ලු. ඕන කෙනෙක්ට පුළුවන් ඕන තරම් රැස්වීම් තියන්න පුළුවන්. ඔබතුමන්ලා රැස්වීම් තිබ්බා. ජේවිපී රැස්වීම් තිබ්බා. ටීඑන්ඒ උතුරේ රැස්වීම් තියනවා. පොලිසියට යන්න බලපත්‍ර ගන්න රැස්වීම් ඕනෙතරම් තියන්න. තියලා කෑගහලා යන්න මං හිට්ලර් වගේ ඒකාධිපතියෙක් කියලා. මට කිසි ප්‍රශ්නයක් නෑ. මං එකක් කියන්නේ බලපත්‍රය අරගෙන යන්න, අනෙක අනික් වාහනවලට අවහිර කරන්න එපා. එක පැත්තක් ඇරලා තියන්න වෙන එකක් මං ඉල්ලන්නෑ. ඒත් හිතනවා නම් තව අරගලයක් කරන්න පුළුවන් කියලා, පර්මිට් නැතුව ඕනෙතරම් පාර යන්න පුළුවන් කියලා. ඒක නවත්තන්න ඕන. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇති කරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මං ඒකට ඉඩදෙන්නෙ නෑ. හමුදාව යොදවනවා, හදිසි නීතිය දානවා. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නෙ නෑ. ඩීන් ඩියම්ලට තැනක් නෑ මේ රටේ.” යයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.