fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බල්ලෙක් පොලිස් නිලධාරියෙකුව මරයි

    බල්ලෙක් පොලිස් නිලධාරියෙකුව මරයි

    පනාමුර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා ගොස් නැවත පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී ඒ එක් පොලිස් නිලධාරියෙක් ගමන් කරමින් සිටි යතුරු පැදිය ඉදිරියට පාර හරහා සුනඛයෙක් පැනීම හේතුවෙන් යතුරු පැදිය පාලනයෙන් ගිලිහී ගොස් විදුලි රැහැන් කණුවක ගැටී එහි ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියෙක් ඊයේ මියගොස් ඇත.

    යතුරු පැදියේ පිටුපස ගමන් කරමින් සිටි පොලිස් කොස්තාපල් ජී.එස්.ශාන්ත නැමැති නිලධාරියා මෙසේ මියගොස් තිබේ. මෙම නිලධාරියා කටුවන පන්ගන්විලයායේ පදිංචිකරුවෙකි.

    යතුරු පැදිය පැදවූ පොලිස් නිලධාරියාද බරපතල තත්ත්වයෙන් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.