Home උණුසුම් පුවත් රක්ෂිතයේ මැණික් ගරමින් සිටි පිරිසකට වනජීවියෙන් වෙඩි

රක්ෂිතයේ මැණික් ගරමින් සිටි පිරිසකට වනජීවියෙන් වෙඩි

0
රක්ෂිතයේ මැණික් ගරමින් සිටි පිරිසකට වනජීවියෙන් වෙඩි

බගවන්තලාව නන්පේරිවත්ත ආසන්නයේ ඇති රක්ෂිත කොටසේ හොර රහසේ මැණික් ගරමින් සිටි පිිරිසකට වනජීවී නිලධාරීන් විසින් ඊයේ කළ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා බගවන්තලාව රෝහලට ඇතුලත්කර ඇත.

ලොයිනෝන් වතුයායේ පදිංචිකරුවෙක් වන එල්.ධර්මමරාජ් (45) නැමැති අය මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇතැයි බගවන්තලාව පොලීසිය කියයි.

වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මැණික් ගරමින් සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පළායාමින් සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here