තවත්
    මුල් පිටුවspecialඇමරිකාවට අභ්‍යවකාශයත් සටන්බිමක් - චීනය

    ඇමරිකාවට අභ්‍යවකාශයත් සටන්බිමක් – චීනය

    අභ්‍යවකාශයේ සිය හමුදාමය හැකියාව ශක්තිමත් කරන බවට ඇමරිකාව තම නව අභ්‍යවකාශ  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා තිබීම සම්බන්ධයෙන් චීනය ප්‍රතිචාර දක්වයි.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ පිළිබඳව පැවසුවේ, ඇමරිකාව ජගත් ප්‍රජාවගේ පොදු පිළිගැනීම්වලට ගරු කරමින්, අභ්‍යවකාශ ආරක්ෂාවට හානි වන සේ ක්‍රියා කිරීමෙන් වැළකී සිය වගකීම් ඉටුකළ යුතු බවයි.

    දිගු කලක් පුරා අභ්‍යවකාශය සිය සටන්බිමක් ලෙසින් සලකන ඇමරිකාව, අභ්‍යවකාශ හමුදාවක් හා අභ්‍යවකාශ අණදෙන මූලස්ථානයක් ස්ථාපනය කර ඇත. අභ්‍යවකාශ ප්‍රහාරක අවිආයුධ පර්යේෂණය හා අදාළ යුද අභ්‍යාසද ඔවුන් අඛණ්ඩව ක්‍රියාවට නංවා තිබේ.

    මේ සම්බන්ධයෙන් ඇමරිකාව, සන්ධාන රටවල් සමග යුදමය සහයෝගිතාව ද ශක්තිමත් කර ඇත.

    එම ක්‍රියාමාර්ග හේතුවෙන් තත්ත්වය තියුණු වී, ගැටුම් හටගැනීමේ අවදානමක් ද මතු වූ බව මාඕ නිං මහත්මිය කියාසිටියාය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img