Home උණුසුම් පුවත් ජනපති මාලෙන් සිංගප්පූරුවට

ජනපති මාලෙන් සිංගප්පූරුවට

0
ජනපති මාලෙන් සිංගප්පූරුවට

මාලදිවයිනේ රැදී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිංගප්පූරුව බලා පිටත්ව ඇත.

ඒ අනුව ජනපති ගමන් ගන්නා සෞදි එයාර් 778 ගුවන් යානය දැනට ශ්‍රී ලංකාවේ උඩු ගුවන හරහා පියාසර කරමින් ඇති බව අදාළ තොරතුරුවල සඳහන්ය.

ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීති අනුව ශ්‍රී ලංකාව හරහා ගුවන් ගමන් මාර්ග තිබෙන සියලු ජාත්‍යන්තර ගුවන් යානා සඳහා මෙරට ගුවන් ගමන් පාලක සහය ලබා දිය යුතු වේ.

ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා ගමන් කිරීමට නියමිතව සිටියේ ඊයේය. එහෙත් ආරක්ෂක හේතූන් මත එය අද දිනය දක්වා කල් ගොස් තිබුණි.

ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ සිංගප්පූරුවට ගොසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here