Home උණුසුම් පුවත් වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (15) යෙදී තිබේ.

සිදුහත් කුමරුගේ උත්පත්තිය, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සහ පිරිනිවන් පෑම යන තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝකවාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය.

එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝ දිනක සිදුවූ බව කියැවෙයි.

බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here