Home උණුසුම් පුවත් හතරක් ගිය යතුරු පැදිය ඇළකට පෙරළෙයි – 02ක් මරුට

හතරක් ගිය යතුරු පැදිය ඇළකට පෙරළෙයි – 02ක් මරුට

0
හතරක් ගිය යතුරු පැදිය ඇළකට පෙරළෙයි – 02ක් මරුට

සිසුන් සිව් දෙනෙක් ගමන් කළ යතුරු පැදියක් දඹුල්ල වෑමැඩිල්ල ජලාශයේ වාන් ඇළට වැටීමෙන් දෙදෙනකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ සිසුන් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ගලේවෙල පුවක්පිටිය නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි බිස්සුල් හාෆික් හම්නිදාස් (16) සහ නව්සාඩ් අලි මුසාෆික් (16) යන සිසුන් දෙදෙනාය.

තුවාල ලබා රෝහල්ගතව සිටින්නේද එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 18 හා 16 වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකි.

යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමටට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here