තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කොටි පොලිස් ඇඳුමින් අලුත් බලකායක් යෙදවූ යාපනය නගරාධිපති අත්අඩංගුවට

    කොටි පොලිස් ඇඳුමින් අලුත් බලකායක් යෙදවූ යාපනය නගරාධිපති අත්අඩංගුවට

    යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ යාපනය නගර සභාව විසින් පොලිස් බලකායක් පිහිටුවා හිටපු එල්ටීටීඊ සංවිධානයේ පොලීසියට සමාන නිල ඇදුම් ලබා දීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි.

    යාපනය පොලීසිය විසින් මීට පෙර නගරාධිපතිවරයාගෙන් ප්‍රශ්න  කර තිබුණි.

    ඉන් පසුව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය ඔහුගෙන් පැය හයක කාලයක් ප්‍රශ්න කොට තිබේ.

    එම ප්‍රශ්න කිරීමවලින් පසුව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකකය විසින් යාපනය නගරාධිපතිවරයා  වවුනියාවේ පිහිටි පොලිස් ත්‍රස්ත මර්දන කාර්යාලය වෙත රැගෙන විත් ඇත.

    එහි නිලධාරීන් එම සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

    නගරාධිපතිවරයා අත් අත්ඩංගුවට පත්වීමට පෙර මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ යාපනය නාගරික පොලිස් බලකායේ රාජකාරිය වන්නේ නගරය තුළ කැලි කසල දමන්නන් අධීක්ෂණය කිරීම,  දඩ මුදල් එකතු කිරීම, වාහන හැසිරවීම,  කොරෝනා නීතිරීති කඩ කරන්නන් සම්බන්ධයෙන් සොයා බැලීම යන රාජකාරි බවයි.

    මෙම නව පොලිස් බලකාය පිහිටුවීම සම්බන්ධයෙන් යාපනය නගරාධිපතිවරයා එහි මහ නගර සභාවේ අනුමැතියක් ලබා ගෙන නොතිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img