Home උණුසුම් පුවත් අයවැයේ අවසන් ඡන්ද විමසීම අදයි

අයවැයේ අවසන් ඡන්ද විමසීම අදයි

අයවැයේ අවසන් ඡන්ද විමසීම අදයි

ලබන වසර (2022) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) තුන්වැනි වර කියවීමේ අවසන් ඡන්ද විමසීම අද (10) පස්වරු 5.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දින 28ක දීර්ඝ වාද විවාදවලින් පසුව සිදු කෙරේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය කතාව) දෙවැනි වර කියවීම නොවැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය මස 13 වැනිදා ආරම්භ වී දින හතක් පුරාවට පැවැත්විණි. අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93 කින් සම්මත විය.

ඉන් අනතුරුව නොවැම්බර් 23 වැනිදා ආරම්භ වූ අයවැය කාරක සභා අවස්ථා විවාදය අදින් අවසන් වීමට නියමිතයි.

අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් අද දිනයේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයින් තම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

අයවැය අවසන් ඡන්ද විමසීම හේතුවෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන තර කර ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here