Home COVID මොඩර්නා කොවිඩ් එන්නත් ලක්ෂ 10ක් ඉදිරියේදී දිවයිනට

මොඩර්නා කොවිඩ් එන්නත් ලක්ෂ 10ක් ඉදිරියේදී දිවයිනට

මොඩර්නා කොවිඩ් එන්නත් ලක්ෂ 10ක් ඉදිරියේදී දිවයිනට

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසන්නේ ඉදිරි සති දෙක තුළදී ඒවා මෙරටට ලැබෙනු ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එම එන්නත් මාත්‍රා ලැබීමට නියමිතයි.

ඒ අනුව මෙරට කොවිඩ් මර්දනය සඳහා භාවිත කරනු ලබන සිව්වැනි එන්නත් වර්ගය එයයි.

ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්), සයිනෝෆාම්, ස්පුට්නික් වී මෙරට දැනට භාවිත කෙරෙන එන්නත් වර්ග ය.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් කොවිඩ් පළමු එන්නත් මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබාගෙන තිබුණත් එහි සැපයුම් දැනට අඩාල වී ඇති නිසා ඇය පසුගියදා මොඩර්නා එන්නත සිය දෙවන මාත්‍රාව ලෙස ලබාගත්තා ය.

විශේෂඥයන් විසින් මේ වනවිට mix & match ක්‍රමයට අනුව එන්නත් හිඟයට පිළිතුරු ලෙස ගැළපෙන එන්නත් මාත්‍රා මිශ්‍ර කර දෙවන එන්නත් මාත්‍රාව ලෙස වෙනත් එකක යොදාගැනීමට හැකි පර්යේෂණවල නියැලෙති.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂිල්ඩ් එන්නත සඳහා ද මොඩර්නා එන්නත ගැළපෙන බවට ඇතැම් විශේෂඥයන් එම පර්යේෂණවලදී අනාවරණය කරගෙන ඇතැයි වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here