Home දේශීය පුවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ ඇමති ආචා ර්ය වූ හැටි සී.අයි.ඩී.ය සොයාගනී

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ ඇමති ආචා ර්ය වූ හැටි සී.අයි.ඩී.ය සොයාගනී

0

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි “ ආචාර්ය“පදවිය යෙදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිකරගෙන තිබේ.

ඒ පාර්ලිමේන්තුවට පැමිණ එහි සේවයේ නිරත නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. ඒ සම්බන්ධයෙන් නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සටහන්කරගෙන ඇත.

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයෙහි සහකාර මහලේකම්වරයා , ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ සභා ලේඛන කාර්යාලයේ නිලධාරියෙකුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අද හෙටම මෙම විමර්ශනය සම්බන්ධයෙන් වාර්තාව වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලබාදීමට නියමිතවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here