තිදෙනෙකුට මරු කැදවමින් පනස් තුන් දෙනෙකු රෝහල්ගත කල හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලුණු බස් රථයේ රියදුරු අනතුර සිදුවන විට ජංගම දුරකථනය කනේ තබාගෙන තනි අතින් බස් රථය පදවමින් සිට ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
රියදුරා දුරකථන ඇමතුමගෙන රියදුරු අසුනට යාබදව ඇති දොරට තරමක් බරවී බස් රථය තනි අතින් සුක්කානම කරනවමින් පදවා ඇති බවත් එහිදී දොර විවෘත වී ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත.
රියදුරු අසුනට යාබදව ඇති පැති දොර එකවරම විවෘත වීම හේතුවෙන් එය වැසීමට රියදුරු උත්සහා ගන්නා විට වේගයෙන් ධාවනය වෙමින් තිබුණු බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී පල්ලමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් මෙසේ ඊයේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ වූ ප්‍රපාතයට තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් මියගිය අය අතර හැටන් හී පදිංචි වකුගඩු රෝගී 14 හැවිරිදි දරුවෙක්ද සිටී. ඔහු ප්‍රතිකාර ගැනීමට නුවර බලා ගමන්කරමින් සිට ඇත.
අනතුරට පත් බස් රථය අනුමත ආසන සංඛ්‍යාවට වඩා තවත් ආසන කිහිපයක් සවි කර තිබු බවට ද තොරතුරු අනාවරණය වන බව පොලීසිය සඳහන් කරයි. අනතුරට ලක්වූ බස් රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බැලිමේදි බස් රථය අනතුරට පත් වි විනාඩි කිහිපයක් ඇතුළත එම කැමරාවේ දර්ශන කිසියම් අයකු විසින් ජංගම දුරකථනයක් ඔස්සේ මකා දමනු ලැබ ඇති බවට කරුණු අනාවරණය වන බවද පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කළේය.