Home COVID පොහොසත් රටවල් එන්නත්වලින් ආරක්ෂා වෙද්දී දිළිදු රටවල කොවිඩ් උත්සන්න වෙලා – WHO

පොහොසත් රටවල් එන්නත්වලින් ආරක්ෂා වෙද්දී දිළිදු රටවල කොවිඩ් උත්සන්න වෙලා – WHO

පොහොසත් රටවල් එන්නත්වලින් ආරක්ෂා වෙද්දී දිළිදු රටවල කොවිඩ් උත්සන්න වෙලා – WHO

COVID-19 වසංගතය මර්දනයට ගෝලීයව බලපා ඇති එන්නත් අසමානතාවය “මාර්ග දෙකේ වසංගතයක්” නිර්මාණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් පවසයි.

ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදී ටෙඩ්රොස් වාර්තාකරුවන්ට පැවසුවේ “වැඩි වැඩියෙන් අපට පෙනීයන්නේ මෙය පීලි දෙකක වසංගතයක් බවයි”.

පළමු COVID-19 එන්නත ලබා දී මාස හයක් ගත වූ පසු, ඉහළ ආදායම් ලබන රටවල් ලෝකයේ නිෂ්පාදිත සියලු මාත්‍රාවලින් 44% කට ආසන්න ප්‍රමාණයක් ලබා ගෙන ජනතාවට ලබාදී ඇත.

අඩු ආදායම්ලාභී රටවල් එන්නත් ලබාදී ඇත්තේ 0.4% ක් පමණි.

මෙම සංඛ්‍යාලේඛනයේ වඩාත්ම කනගාටුදායක දෙය නම් මාස කිහිපයකින් හෝ මෙම දත්ත වෙනස් වී නොමැති වීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් සදහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here