Home උණුසුම් පුවත් ළඟදීම උද්ධමනය අනිත් පැත්තට පෙරළෙන ලකුණු

ළඟදීම උද්ධමනය අනිත් පැත්තට පෙරළෙන ලකුණු

ළඟදීම උද්ධමනය අනිත් පැත්තට පෙරළෙන ලකුණු

නුදුරු කාලීනව අවධමනයක් වාර්තා කිරීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය නිරීක්ෂණ කර තිබේ.

ඉදිරි කාර්තු කිහිපය තුළදී උද්ධමනය ඉලක්කගත 5%ට වඩා බෙහෙවින් අඩු මට්ටමක් දක්වා පහළ යෑමේ හැකියාවක් පවතින බව ද මහබැංකුව කියයි.

විශේෂයෙන්ම පරිපාලිත මිල ගණන් වෙනස් කිරීම සහ සැපයුම් තත්ත්වයන්ගේ වර්ධනය ඊට හේතුවයි.

මේ අතර දැනට පවතින ප්‍රතිපත්ති පොලී අනුපාත පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) දින පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.25% ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.25% ලෙසත් දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යනු ලබයි.

මැදි කාලීනව, උද්ධමනය ඉලක්කගත 5%ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා මෙන්ම දේශීය හා ගෝලීයව ඇතිවිය හැකි අවදානම් හා අවිනිශ්චිතතා පිළිබඳව ද මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹ ඇත.

ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටම කරා ළඟා වීමට ද එය සහාය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here