fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජර්මානු ෆෙඩරල් ආර්ථික කටයුතු අමාත්‍යාං ශයේ ලොක්කෙක් හම්බන්තොට වරායට

    ජර්මානු ෆෙඩරල් ආර්ථික කටයුතු අමාත්‍යාං ශයේ ලොක්කෙක් හම්බන්තොට වරායට

    බර් ලිනයේ ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු සහ දේශගුණික ක්‍රියා අංශයේ, දකුණු ආසියා සහ අග්නිදිග ආසියා අධ්‍යක්ෂ සහ අංශ ප්‍රධානී ටෝබියස් පියර්ලින්ග්ස් මහතා, ශ්‍රී ලංකා ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය.

    ලාංකික කර්මාන්ත තුළ, ජර්මානු සමාගම් හට ඇති ව්‍යාපාරික අවස්ථා පිළිබඳ සොයා බැලීම මෙන්ම හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) හැකියාවන් තක්සේරු කිරීම මෙම සංචාරයේ අරමුණ විය.

    වරායේ වත්මන් ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කිරීමක් HIPGහි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ මහතා විසින් සිදු කල අතර වාහන ප්‍රති නැව්ගත කිරීම්, තොග භාණ්ඩ, ඉන්ධන සහ ගෑස් යන අංශයන්හි වර්ධනය අලලා සාකච්ඡාවකද යෙදුනි. HIP කාර්මික කලාපයේ සංවර්ධනට සමාන්තරව පුළුල් වන වරායේ බහාලුම් මෙහෙයුම් අංශයේ ප්‍රගතියද සාකච්ඡාවට මූලික වී ඇත. “මෙම සංචාරය තුලින් ජර්මානු නියෝජිත පිරිසට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු හොඳින් ප්‍රත්‍යක්ෂ වුණා. අපගේ සැලසුම්ගත වර්ධනය සමග බහාලුම් මෙහෙයුම් ඇතුළු විවිධ අංශවල ආයෝජන සහ ජර්මානු ව්‍යාපාර සඳහා අනාගත අවස්ථා පිළිබඳව සාකච්ඡා කළා,’’ යි බින්දු රණසිංහ මහතා තවදුරටත් පැවසීය. වාණිජ කේන්ද්‍රස්ථානයක් ලෙස වරායේ සීඝ්‍ර වර්ධනය සහ සංචාරක අංශයට අදාල විවිධ දේශීය කර්මාන්ත සඳහා දොරටු විවර කර ඇති මගී ප්‍රවාහන නෞකා ක්ෂේත්‍රයේ දියුණුවද සාකච්ඡාවට භාජනය විය. හම්බන්තොට වරාය HIPG වෙත පැවරීමෙන් අනතුරුව HIP හි වර්ධනයත් සමග වරාය තුල දේශීය රැකියා තුන් ගුණයකින් වැඩි වී ඇති බව බිංදු රණසිංහ මහතා ඔවුනට තවදුරටත් අවධාරණය කළේය.

    කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල උපදේශක; ඔලාෆ් මැල්චෝව් මහතා; ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන නියෝජිතවරිය; මාරි ඇන්ටෝනියා වොන් ෂොන්බර්ග් මහත්මිය; වෙළඳ, සංවර්ධන සහ දේශපාලන කටයුතු සඳහා උපදේශක ධරිනී දළුවත්ත මහත්මිය සහ ආයතනික කටයුතු සහ අපනයන ප්‍රවර්ධන ප්‍රධානී මලින්ත ගජනායක මහතාද ජර්මානු දූත පිරිසට ඇතුළත් විය.

    වරායේ අති නවීන පහසුකම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සමඟ, HIP හි සමුද්‍ර මධ්‍ය ස්ථාන ගොඩනැගිල්ලේ 12 වන මහලේ සිට වරාය සංකීර්ණයේ පුර්ණ දර්ශනයක් HIPG කළමනාකරණය විසින් දූත පිරිසට ලබා දෙන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img