Home උණුසුම් පුවත් 22 ව්‍යවස්ථාවේ ගැසට්ටුව නිකුත් වෙයි

22 ව්‍යවස්ථාවේ ගැසට්ටුව නිකුත් වෙයි

22 ව්‍යවස්ථාවේ ගැසට්ටුව නිකුත් වෙයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර තිබේ.

ඒ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයට අනුවයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් ‘වසර 06ක් ඉක්මවා’ යන වචනය වෙනුවට ‘වසර 05ක් ඉක්මවා’ යන වචනය ආදේශ කිරීම වෙනුවෙන් මෙම සංශෝධනය ගෙනවිත් ඇත.

ඊයේ (18) දිනය සටහන් කරමින් එම ගැසට්ටුව නිකුත් කර ඇත්තේ, එය ගැසට් කිරීමෙන් වළකින බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18) නිවේදනය කළ පසුබිමකදී ය.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීම මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ද පවසා තිබුණි.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/523-2024_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here