Home උණුසුම් පුවත් ජනපතිගේ ධුර කාලය ගැන ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානමක්

ජනපතිගේ ධුර කාලය ගැන ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානමක්

ජනපතිගේ ධුර කාලය ගැන ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද යෝජනාාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වී ඇත.

ඒ පිළිබඳව වන සැකය මග හරවා ගැනීමට සහ කවර හෝ අනනුකූලතාවක් ඉවත් කිරීමට “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කිරීමට මෙමගින් යෝජනා කර ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here