Home දේශීය පුවත් උණුසුම් පුවත් ගිනිගත් නෞකාවේ කපිතාන් සහ ඉංජිනේරුවන්ගේ ප්‍රකාශ රැගෙන රහස් පොලිසිය නීතිපති හමුවේ

ගිනිගත් නෞකාවේ කපිතාන් සහ ඉංජිනේරුවන්ගේ ප්‍රකාශ රැගෙන රහස් පොලිසිය නීතිපති හමුවේ

0
ගිනිගත් නෞකාවේ කපිතාන් සහ ඉංජිනේරුවන්ගේ ප්‍රකාශ රැගෙන රහස් පොලිසිය නීතිපති හමුවේ

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුගෙන් ලබාගත් ප්‍රකාශද රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායමක් නීතිපතිවරයාව මේ වන විට හමුවී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනවසර සංක්‍රමණිකයින් වැලැක්වීමේ අංශයේ නිලධාරීන් ඊයේ (31) නෞකාවේ කපිතාන්වරයාගෙන් පැය 14 කාලයක්ද, ප්‍රධාන ඉංජිනේරුවරයාගෙ පැය 13 ක කාලයක්ද, නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12 ක කාලයක්ද ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

ඉදිරි විමර්ශන සදහා නීතිපතිවරයාට එම ප්‍රකාශවල උදෘත ඉදිරිපත්කර උපදෙස් ලබා ගන්නා බව ද අජිත් රෝහන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here