Home දේශීය පුවත් උණුසුම් පුවත් ලොක්ඩවුන් අස්සේ මගීන් අරන් අක්කරෙයිපත්තුවේ ඉදන් කොළඹට බසයක් ඇවිත්

ලොක්ඩවුන් අස්සේ මගීන් අරන් අක්කරෙයිපත්තුවේ ඉදන් කොළඹට බසයක් ඇවිත්

0
ලොක්ඩවුන් අස්සේ මගීන් අරන් අක්කරෙයිපත්තුවේ ඉදන් කොළඹට බසයක් ඇවිත්

සංචරණ නීති උල්ලංඝනය කරමින් අක්කරෙයිපත්තු ව සිට කොළඹ බලා ධාවනය වෙමිින් තිබුණු පුද්ගලික මගී බස් රථයක් ඉඟිනියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේ බස් රථයේ මගීන් 48 දෙනෙක් ගමන්කරමින් සිට ඇත. ඒ අය විවිධ රැකියාවන් සදහා සංචරණ සීමා අස්සේ කොළඹ බලා ගමන් කරමින් සිට ඇතැයි අනාවරණය වී තිබේ. මෙම බස් රථයේ හිමිකරු අක්කරෙයි පත්තුවේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

බස් රථය මොණරාගල කොළඹ 98 බස් මාර්ගයේ ධාවනය වන එකකි. අත්‍යවශ්‍ය සේවා මගීන් රැගෙන යන ආකාරයට පොලිීසිය රවටමින් බස් රථය අක්කරෙයිපත්තුවේ සිට මොනරාගල හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබී ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

එම බස් රථයේ සිටි රියැදුරු කොන්දොස්තර සමග මගින් 48 දෙනාද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here