Home උණුසුම් පුවත් කොත්තුවේ ගාන ඇසූ විදේශිකයාට තර්ජනය කළ අලුත්කඩේ street food මුදලාලි අත්අඩංගුවට

කොත්තුවේ ගාන ඇසූ විදේශිකයාට තර්ජනය කළ අලුත්කඩේ street food මුදලාලි අත්අඩංගුවට

0
කොත්තුවේ ගාන ඇසූ විදේශිකයාට තර්ජනය කළ අලුත්කඩේ street food මුදලාලි අත්අඩංගුවට

ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශ ජාතිකයෙකුට ආහාර මිලදී නොගන්නේ නම් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස තර්ජනාත්මකව බපෑම් කරන සමාජ ජාලවල සංසරණය වන වීඩියෝවට අදාළ සැකකරු අද (16) කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආහාර මිලදි ගැනීම සහා පැමිණි විදේශීය ජාතිකයෙකු විසින් ආහාරවල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමත් සමග එම වෙළෙඳසැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයෙකු විසින්, එම විදේශ ජාතිකයාට අඩන්තේට්ටම් කරමින් ආහාර මිලදී නොගන්නේනම් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසට තර්ජනාත්මකව බලපෑම් කරන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලාවල සංසරණය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් සිදු කළ පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම සිදුවීම කෙසෙල්වත්ත පොලිස් වසමේ අළුත්කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් (street food) යනුවෙන් ආහාර වෙළෙඳාම් කරනු ලබන වීදියක සිදුව ඇති බවය. ඒ අනුව එම වීඩියෝවේ විදේශ ජාතිකයාට බැන තර්ජනය කිරීමට අදාළ එම වෙළෙඳ සැලේ හිමිකරු ලෙස පෙනී සිටින පුද්ගලයා කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 51ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හෙට (17) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here