Home උණුසුම් පුවත් හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි

හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි

හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි

මේ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.

අද දින එනම් අප්‍රේල් මස 15 වන සඳුදා පූර්වභාග 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි යැයි නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අද(15) වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් මෙම ජාතික උත්සවය සංවිධානය කරනු ලබයි.

අද දින පෙරවරු 10.17ට යෙදෙන සුබ නැකතට හිස තෙල් ගෑමේ උත්සවය ආරම්භ විය.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසුවේ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකත් චාරිත්‍රය වන පැළ සිටුවීම 18 වැනිදා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාර පරිශ්‍රයේදී පැවැත්වෙන බවත් එය ‘මුරුංගා දිනය’ ලෙස අමාත්‍යාංශය මගින් නම්කර ඇති ය.

ඒ අනුව එදිනට අධිපෝෂණීය මෙන්ම ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් මුරුංගා ශාකය තම ගෙවත්තේ පැළ කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here