Home උණුසුම් පුවත් බෝඅඕ ආසියානු සංසදය නිමාවෙයි

බෝඅඕ ආසියානු සංසදය නිමාවෙයි

බෝඅඕ ආසියානු සංසදය නිමාවෙයි

බෝඅඕ ආසියානු සංසදයේ 2024 වාර්ෂික සමුළුව නිමාවට පත්වෙයි.

චීනයේ Hainan පළාතේ බෝඅඕ නගරයේ දී අද (29) එය සාර්ථකව අවසන් විය. රටවල් හා ප්‍රදේශ 60 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 2000 ක පමණ පිරිසක් එහිදී ආසියානු හා ගෝලීය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරමින් විවිධ සහයෝගිතා මෙන්ම සංවර්ධනයට අදාළ එකඟතා රැසකට පැමිණ තිබේ.

බෝඅඕ ආසියානු සංසදයේ මහලේකම් ලී බඕදොං මහතා සමුළුව අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ “ ආසියාව හා ලෝකය – පොදු අභියෝග හා පොදු වගකීම් ” යන මෙවර තේමාව නියෝජිතයන්ගේ ඉහළ පිළිගැනීමට ලක් වූ බවයි. වත්මන් ලෝකයේ ප්‍රධාන අර්බුද විසඳීම සහ ජාත්‍යන්තර සහයෝගිතා තරකිරීම වෙනුවෙන් බෝඅඕ ආසියානු සංසදය දරා ඇති ප්‍රයත්න එම තේමාවෙන් පිළිබිඹු වේ.

වෙනස්කම් ගරුකිරීම පිළිගනිමින් සහ ජගත් ප්‍රජාවගේ දේශපාලන කැමැත්ත හා ආර්ථික සහයෝගිතා මනා ලෙස සම්බන්ධ කරමින්, එක්සත් ව තිරසර අනාගතයක් බිහි කළ යුතු බව එහිදී විවිධ පාර්ශ්ව අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here