Home උණුසුම් පුවත් නොකියාම රට අතැර යන පොලිස් නිලධාරීන්ගේ ගණන ඉහළට

නොකියාම රට අතැර යන පොලිස් නිලධාරීන්ගේ ගණන ඉහළට

0
නොකියාම රට අතැර යන පොලිස් නිලධාරීන්ගේ ගණන ඉහළට

බදුල්ල කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකෝ) ස්ථානාධිපති සංජයද සිල්වා පොලිස් සේවය අතහැර හොර රහසේ විදෙස් ගතව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

පොලිස් පරීක්ෂකවරයෙක් වන මෙම නිලධාරියා ඉහළ නිලධාරීන්ට කිසිදු දැනුම් දීමක් නොකර මෙසේ රටින් පිටව ගොස් ඇති බවද පොලිස් මූලස්ථානය කියයි. අඩුම තරමින් මෙම නිලධාරීන් රටින් පිට යාමට අවශ්‍ය නිසි අවසරයන්ද ලබාගෙන නැත.

මෙම නිලධාරියාගේ බිරිඳ බදුල්ල පොලීසියේ සේවයේ නිරත පොලිස් පරීක්ෂකවරියකි.

මෙම නිලධාරියා පෙබරවාරි 19 වෙනිදා සිට සේවයට වාර්තා කර නැත. ඒ ගැන බිරිඳගෙන් උසස් පොලිස් නිලධාරීන් විමසූ විට පවසා ඇත්තේ සැමියා රට රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති බවය.

මෙම නිලධාරියාට තර්ජන ගර්ජන හෝ වෙනත් සේවා ප්‍රශ්නයක් නොතිබුණු බැවින් රටින් මෙසේ පිටත්ව යාම ගැන ගැටළුවක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ වන විට පොලිස් සේවයේ නිරත නිලධාරීන් හොර රහසේ සහ සේවා නිවාඩු ලබාගෙන රට රැකියා සඳහා පිටත්ව යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here