Home උණුසුම් පුවත් කථානායකට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

කථානායකට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

කථානායකට එරෙහි විශ්වාසභංගයට දින නියම  වෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මාර්තු 19 සහ 20 යන දෙදින තුළ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

එහි ඡන්ද විමසීම 20 වනදා සවස පැවැත්වීමට ද තීරණය කර ඇත.

අද (14) රැස්වූ පක්ෂ නායකයෝ මේ බව තීරණය කළහ.

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය ගෙන ‍එන ලද්දේ ඔන්ලයින් පනත සම්මත කරගැනීමේදී කථානායකවරයාගේ ක්‍රියාකලාපය මගින් ව්‍යවස්ථාව උල්ලංගනය කළ බවට චෝදනා කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here