Home special ඊශ්‍රායලය අත්පත් කරගත් ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරට අලුත් නිවාස

ඊශ්‍රායලය අත්පත් කරගත් ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරට අලුත් නිවාස

ඊශ්‍රායලය අත්පත් කරගත් ජෝර්දාන ග‍ඟේ බටහිර ඉවුරට අලුත් නිවාස

ඊශ්‍රායලය විසින් අත්පත් කර ගැනුණු බටහිර ඉවුරේ පදිංචි කෙරෙන ජනතාව වෙනුවෙන් නව නිවාස 3426 ක් ඉදිකිරීමට ඊශ්‍රායලයේ ඉහළම සැලසුම් කවුන්සිලයේ අනුමැතිය හිමිවෙයි. ඊයේ (6) මෙම අනුමැතිය ලබා දී ඇතැයි එරට බලධාරීහු පවසති.
 
ඊශ්‍රායල මුදල් අමාත්‍ය Bezalel Smotrich මහතා වෙනුවට නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ පසුගිය මාර්තු මාසයේ සිට ඊශ්‍රායලය නව නිවාස ඒකක 18,515 ක් අනුමත කර ඇති බවයි. එම ජනාවාසවල ප්‍රවාහන යටිතල පහසුකම්, රැකියා සහ ජීවන තත්ත්වය සංවර්ධනය සඳහා රජය පුළුල් ආයෝජනයක් කර ඇති බව ද අමාත්‍යවරයා පවසා ඇත.
 
මෙම ජනාවාස නීති විරෝධී මෙන්ම සාමයට විශාල බාධාවක් එල්ල කරනු ඇතැයි යන්න ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතර මතය වී තිබේ. ඊට හේතුව පලස්තීනුවන් තම අනාගත රාජ්‍යය ගොඩනැගීමට අපේක්ෂා කරන ප්‍රදේශය බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ පිහිටා ඇති බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here