Home උණුසුම් පුවත් කන්දකාඩු කඳවුරේ ගැටුම් -පලායාම් ගැන විමර්ශන වාර්තාව බාරදෙයි

කන්දකාඩු කඳවුරේ ගැටුම් -පලායාම් ගැන විමර්ශන වාර්තාව බාරදෙයි

කන්දකාඩු කඳවුරේ ගැටුම් -පලායාම් ගැන විමර්ශන වාර්තාව බාරදෙයි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය සමයේ දිගින් දිගටම ඇතිවූ ගැටුම් සහ රැඳවියන් පලායාමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවේ වාර්තාව බාරදී තිබේ.

කමිටු සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් එස්. යාපා මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අද (1) එම වාර්තාව බාරදෙනු ලැබීය.

අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත්කෙරිණි.

මෙම අවස්ථාවට කමිටු සාමාජික අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ එස් සපුගස්වත්ත මහතාද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here