Home උණුසුම් පුවත් IMF තුන්වැනි වාරිකයට මුලපිරුම ලබන සතියේ

IMF තුන්වැනි වාරිකයට මුලපිරුම ලබන සතියේ

IMF තුන්වැනි වාරිකයට මුලපිරුම ලබන සතියේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මෙරටට අනුමත කරන ඇති විස්තීරණ ණය පහසුකමෙහි 3 වැනි වාරිකය අනුමැතියට පෙර සිදුකළ යුතු 2වැනි සමාලෝචනය ලබන මස 7 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ සති 2කට ආසන්න කාලයක් ඔවුන් අදාළ සමාලෝචනය සිදු කරනු ඇති බවය.

පසුගිය දෙසැම්බර් 31 වනදා දක්වා මෙරට රජයේ මූල්‍ය තත්ත්වය සහ IMF සමඟ එළැඹුණු අනෙකුත් එකඟතා සම්පූර්ණ කිර්ම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here