Home දේශීය පුවත් දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග යා කරන කණු මත අධිවේගය චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට

දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග යා කරන කණු මත අධිවේගය චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට

දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග යා කරන කණු මත අධිවේගය චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට

දක්ෂිණ අධිවේගී මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ග සම්බන්ධකරමින් කණු මත ඉදිකෙරන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කැලණි ගඟ හරහා මේ වන විට වැඩ අවසන් වෙමින් ඇති එල්ලෙන පාලම හා අතුරුගිරිය අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් රාගිරිය, බත්තරමුල්ල, හරහා මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සැළසුම්කර තිබේ.

කණු මතින් ඉදිකරනු ලබන මෙම අධිවේගී මාර්ගය ඉදි කොට පවත්වාගෙන ගොස් පවරා දීමේ (BOT) පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා 2020 අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා ආදළ ආයෝජකයින්ගෙන් තාක්ෂණික හා මූල්‍ය යෝජනා ඇතුළත් ලංසු කැඳවා තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පැවරීම පිණිස මහාමාර්ග අමාත්‍යවරයා ඊයේ (24) ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here