Home උණුසුම් පුවත් හොර පාරෙන් ලංකාවට ගේන්න හැදූ නිදිපෙති තොගයක් ඉන්දියාවේදී අත්අඩංගුවට

හොර පාරෙන් ලංකාවට ගේන්න හැදූ නිදිපෙති තොගයක් ඉන්දියාවේදී අත්අඩංගුවට

හොර පාරෙන් ලංකාවට ගේන්න හැදූ නිදිපෙති තොගයක් ඉන්දියාවේදී අත්අඩංගුවට

බෝට්ටු මගින් ‍ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙනඒමට සූදානමින් තිබූ නිදිපෙති ලක්ෂ 6.79ක් සහ පුද්ගලයකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එරට මැරීන් පොලිසිය සහ රාමේෂ්වරම්හි සංවිධානාත්මක අපරාධ බුද්ධි අංශය (OCIU) එක්ව දියත් කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විමර්ශකන නිලධාරීන් විසින් පෙරියපට්ටිනම්හිදී ෆයිබර් බෝට්ටුවක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන කණ්ඩායම් සැකකරු සොයා සෝදිසියෙන් සිටි බව නිලධාරීහු පවසති.

සැකකරු පෙති තොගය රැගෙන පෙරියපට්ටිනම්, පුදුකුඩියුරුප්පු දකුණු මුහුදු ප්‍රදේශයේදී ෆයිබර් බෝට්ටුවට ගොඩවීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු නැගෙනහිර වීදිය පෙරියපට්ටිනම් හි පදිංචිකරුවකු වූ ඒ.මොහොමඩ් මීරාෂා ලෙස හඳුනාගෙන ඇත.

මෙම නිදිපෙති මෙරට තුළ අධික මිලකට අලෙවි කිරීම වෙනුවෙන් ගෙනඒමට සූදානම් වූ බව ද සැකකරු පවසා ති‍බේ.

විමර්ශනවලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ සැකකරු මුහුදට ගොස් එම පෙති වෙනත් නියෝජිතයෙකුට ලබාදීමට සූදානම්ව සිටි බවයි. ‘අපි වැඩිදුර තොරතුරු රැස්කරමින් සිටිනවා,’ ඔහු වැඩිදුරටත් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here