Home special හෙළ සිනමා සංගීතයට පණපෙවූ ඉන්දියානුවා ‘ආර්. මුත්තුසාමිගේ’ රුව විවෘත කිරීම අද..

හෙළ සිනමා සංගීතයට පණපෙවූ ඉන්දියානුවා ‘ආර්. මුත්තුසාමිගේ’ රුව විවෘත කිරීම අද..

හෙළ සිනමා සංගීතයට පණපෙවූ ඉන්දියානුවා ‘ආර්. මුත්තුසාමිගේ’ රුව විවෘත කිරීම අද..

(අශෝක ජයතුංග වොෂින්ටන් සිට..)

මෙරට සංගීත ක්ෂ්‍රේත්‍රයට විශාල මෙහෙයක් සිදුකල ප්‍රවීන සංගීතඥ ආර්. මුත්තුසාමි මහතාගේ සේයාරුවක් අද(19) දින ගුවන්විදුලියේ කුමාරතුංග මැදිරියේදී විවෘතවීමට නියමිත ය.

1926 දී ඉන්දියාවේදී දෙමළ හා හින්දු භක්තිකයෙකු ලෙස ඉපදුණු ආර්, මුත්තුසාමි මහතා වයස 05 සිටම වයලීන හා වාද්‍ය භාණ්ඩ වාදනයේදී හැකියාව පෙන්වීය.

ඉන්දියානු චිත්‍රපටවල වාදනය ඉදිරිපත් කල ඔහු මෙරට පළමු චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ වාදනයට ද එක්විය. ඔහු ලංකාවට පැමිණියේ නායගම් මහතාගේ ඇරයුමෙනි. ඔහුට මෙරට පුරවැසිකම ලබා දුන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල මහතාය.

ඒ මුත්තුසාමිගේ පළමු චිත්‍රපට සංගීතය වන ප්‍රේම තරගයට 1953 දී ලැබුණු ජාත්‍යන්තර සම්මානය හේතුවෙනි.ඇන්ජලීන් සුජාති නන්දා මාලනී ගායන ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දුන්නේ ද ඔහුය. රුක්මණී ධර්මදාස ලතා ජොතිපාල මිල්ටන් බෙග් මෙන්ම කේමදාස රොක්සාමි මොහොමඩි සාලි වික්ටර් ආදී බොහෝ අය චිත්‍රපට ගායන හා සංගීත ක්ෂ්‍රේත්‍රයට හදුන්වා දීමට ද මුත්තුසාමි මූලික විය.

මාතලන්, අල්ලපු ගෙදර, සංදේශය, චන්ඩියා, කුරුළුබැද්ද ඇතුළු චිතුපට රැසකට මුත්තුසාමි සංගීතය සැපයීය. තවද චිත්‍රපට කිහිපයක ඔහු ගීත ගායනයට ද එක්විය.

දෝන නිලියා පෙරේරා බෞද්ධ සිංහල කාන්තාව හා විවාහ වූ ඔහුට සංගීත අධ්‍යක්ෂ මොහාන් රාජ් චිත්‍රාංගී ප්‍රසන්නී කීර්තිකා නම් දරුවන් සිව් දෙනෙක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here