Home දේශීය පුවත් දරුවන් දෙදෙනෙකුට නිරුවත පෙන්වූ කොස්තාපල් අත්අඩංගුවට

දරුවන් දෙදෙනෙකුට නිරුවත පෙන්වූ කොස්තාපල් අත්අඩංගුවට

0
දරුවන් දෙදෙනෙකුට නිරුවත පෙන්වූ කොස්තාපල් අත්අඩංගුවට

අවුරුදු 13ක් වයසැති දැරිවියකට හා අවුරුදු 07ක දරුවෙකුට සිය සරම උස්සා නිරුවත පෙන්වූ වාද්දූව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුව කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දරුවන් දෙදෙනාගේ මව වන කොස්ගොඩ නානතොට පදිංචිකාරියක් විසින් කළ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම කොස්තාපල්වරයාව අත්අඩංගුවටගත් බව කොස්ගොඩ පොලීසිය සඳහන් කළේය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොස්ගොඩ ඌරගස්මංහන්දිය පාරේ පදිංචිකරුවෙකි. ඔහුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here