Home උණුසුම් පුවත් මහළු කතගේ අත්පා ගැටගසා මරාදමා සොරු නිවස කොල්ලකාලා

මහළු කතගේ අත්පා ගැටගසා මරාදමා සොරු නිවස කොල්ලකාලා

0
මහළු කතගේ අත්පා ගැටගසා මරාදමා සොරු නිවස කොල්ලකාලා

ගම්පහ බැන්ඩියමුල්ලේ පිහිටි නිවසකට කඩා වැදුණු කොල්ලකරුවෙක් හෝ පිරිසක් නිවසේ ඒ වන විට රැදී සිටි 81 හැවිරිදි කාන්තාවකගේ අත්පා සහ මුහුණ ගැටගසා මරා දමා දේපොල කොල්ලකා පළාගොස් ඇතැයි ගම්පහ පොලීසිය කියයි.

මෙම කොල්ලය සිදුව ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.

ඝාතනය වී ඇත්තේ එච්.එම්.අයි.එල්. දැදිගම නැමැති කාන්තාව බව ගම්පහ පොලීසිය කියයි.

මෙම කාන්තාව සිය නිවස ආසන්නයේ විහාරස්ථානයට ඊයේ උදෑසන කාලයේදී ගොස් ආගමික වතාවත්වලද නිරතව සිට ඇති බව පොලීසිය කියයි. ඇගේ ඝාතනය සිදුව ඇත්තේ විහාරස්ථානයට ගොස් නිවසට පැමිණිමෙන් අනතුරුව බව පොලීසිය කියයි.

ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here