Home දේශීය පුවත් උණුසුම් පුවත් අසිරිමත් නත්තල අදයි (🎥)

අසිරිමත් නත්තල අදයි (🎥)

අසිරිමත් නත්තල අදයි (🎥)

සුරලොවත්, මනුලොවත් යාකළ සාමයේ කුමරු ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන, අසිරිමත් නත්තල අද (25) යි.

ලොව පුරා විසිරී සිටින කිතුනු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන, නතාලේ යන ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනයේ අරුත වන්නේ උපත යන්නයි.

දේව පුත්‍රයානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත්බව ගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙමේ දුගී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත්, ගෞරවයටත් පාත්‍ර වී තිබේ.

මේ නත්තලේදී ප්‍රේමය, සාමය, සතුට, බෙදාහදා ගැනීම, පරිත්‍යාගය, අන්‍යෝන්‍ය අවබෝධය, නිහතමානී බව සහ ආගමික සහජීවනය පිළිබඳ පණිවුඩයත් ජනතාව අතරට ගෙනෙන සුබ නත්තලක් වේවායි Newswave.lk අප කණ්ඩායමෙන් සුබ පැතුම්!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here