තවත්
    මුල් පිටුවspecialනවසීලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

    නවසීලන්තය පරදා ඉන්දියාව අවසන් මහා තරගයට

    ලෝක කුසලාන තරගාවලියේ අද (15) පැවති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 70ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඉන්දීය පිළ සමත්විය.

    වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 4කට ලකුණු 397ක් ලබා ගත්තේය.

    විරාත් කෝලි සහ සිරේෂ් අයියර් ශතක වාර්තා කරමින් ඉන්දීය ඉනිම ගොඩ නැගූහ. සිය ජීවිතයේ 50වැනි එක්දින ශතකය හිමිකරගත් විරාත් කෝලි, එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා වෙමින් ලෝක වාර්තා පොත අලුත් කළේය.

    ජයග්‍රහණය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 48.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 327ක් පමණි.

    නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඩැරී මිචෙල් ය.ඔහු පන්දු එකසිය දහනවයකට මුහුණ දී ලකුණු 134ක් ලබා ගත්තේ ය.

    ඉන්දියාව 397/4 (50)
    නවසීලන්තය 327/10 (48.5)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img