Home special අන්තර්ජාලය නැතිව ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් අනාථයි

අන්තර්ජාලය නැතිව ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් අනාථයි

0
අන්තර්ජාලය නැතිව ඕස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් අනාථයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙලේ ජංගම සහ අන්තර්ජාල සේවා සැපයීමේ ආයතනයක් වන Optus හී සිදුවූ ඇනහිටීමක් හේතුවෙන් එරට මිලියන ගණනක් වූ පරිශීලකයින් පීඩාවට පත්ව ඇත.

මෙම බිඳ වැටීමට හේතුවක් තවමත් වාර්තා නොවන අතර ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රවාහන කටයුතු, රෝහල් වල දුරකථන සම්බන්ධතා මෙන්ම අන්තර්ජාලය හරහා සිදුකරනු ලබන ගෙවීම් කටයුතුද ඇනහිටීමට ලක්ව තිබේ.

අදාල බිඳ වැටීම සම්බන්ධයෙන් නිසි ලෙස පාරිභෝගිකයින් දැනුවත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් Optus වෙත දැඩි චෝදනාවක්ද එල්ල වී ඇත. මෙම සමාගම සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා එල්ල වී ඇති අතර ඉකුත් වසරේ සිදු වූ මහා පරිමාණා දත්ත වෙනත් පාර්ශවයන් අතට පත්වීම සම්බන්ධයෙන්ද ඔවුන් විශාල වශයෙන් අපකීර්තියට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍යවරියද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහිදී අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටලුව අදාල සන්නිවේදන ජාලයට සම්බන්ධ වූ ගැටලුවක් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here