Home උණුසුම් පුවත් සේවා දිගු නෑ -සති තුනට අලුත් පොලිස්පතිවරයෙක්

සේවා දිගු නෑ -සති තුනට අලුත් පොලිස්පතිවරයෙක්

0
සේවා දිගු නෑ -සති තුනට අලුත් පොලිස්පතිවරයෙක්

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිව් වැනි වතාවටත් ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිධූරයට ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.

සී.ඩී. වික්‍රමරත්න සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමඟ විශ්‍රාම ගැනීමෙන් පසු පළමු පත්වීම මාස තුනක්ද දෙවැනි පත්වීම මාස තුනක්ද තෙවැනි පත්වීම සති තුනක්ද සහ සිව් වැනි පත්වීම සති තුනක් ලෙස මෙම පත්කිරීම ජනාධිපතිවරයා විසින් කර ඇත.

මෙම අවස්ථා හතරේදීම සී.ඩී.ව පොලිස්පති ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර ඇත්තේ අලුත් පොලිස්පතිවරයෙක් ලෙස මිස සේවා දිගුවක් හෝ කොන්ත්‍රාත් සේවයේ නිරත පොලිස්පතිවරයෙක් ලෙස නොවීම විශේෂිතය.

පොලිස්පති සී.ඩී. ව සිව්වැනි වතාවටත් ජනාධිපති පොලිස්පති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් සිය අත්සනින් දැනුවත් කිරීමේ නිවේදනයක්ද නිකුත්කර ඇත.

නොවැම්බර් 03 වෙනිදා දාතමින් නිකුත් කර ඇති එම නිවේදනයේ පවා දැක්වෙන්නේ සති තුනක කාලයක් සඳහා පොලිස්පති ලෙස තමාව ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බවය. ඒ අනුව 03 වෙනිදා තමා පොලිස් මූලස්ථානයේදී පොලිස්පතිධූයේ රාජකාරි ආරම්භ කරන ලදි යැයි කියාද එහි සඳහන්ය.

මෙසේ සති තුනෙක් තුනට පොලිස්පතිධූරය අලුත්වන්නේ නීතිමය තත්ත්වයක් මත බවට තොරතුරු කියැවෙන අතර ඒ සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමෙක් මෙතෙක් කිසිදු බලධාරියෙක් විසින් කර නැත.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/crtm_52-3.pdf” title=”crtm_52 (3)”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here