Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය වෙඩි ප්‍රහාරයකින් මරුට

රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය වෙඩි ප්‍රහාරයකින් මරුට

0
රාජ්‍ය ඇමති ඩී.වී.චානකගේ මාමණ්ඩිය වෙඩි ප්‍රහාරයකින් මරුට

රාජ්‍ය ඇමති ඩී.වී. චානක මහතාගේ බිරිඳගේ පියාට වෙඩි තබා ඝාතනය කර ඇත.

රාජ්‍ය ඇමති ඩී.වී.චානක මහතාගේ මාමණ්ඩිය වන ලලිත් වසන්ත මහතා ඡායාරූපයේ දැක්වේ.

ලලිත් වසන්න නමැති ඒ මහතාට අයත් ගාල්ලේ පිහිටි රෙදිපිළි ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවස බලා යමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී56 අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

පොලිසිය පවසන්නේ වෙඩි පහරවල් පහළොවක් පමණ එල්ල කර ඇති බවය.එම ස්ථානයේම රාජ්‍ය අමාත්‍යවරයාගේ මාමන්ඩි මිය ගොස් තිබේ.

මෙම ඝාතනයට හේතුව පැහැදිලිවම අනාවරණය වී නැති බවත් ඒ සම්බන්ධ විමර්ශන පැවැත්වෙන බවත් ගාල්ල පොලීසිය කියයි. වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ගාල්ල පහල ඩික්සන් පාරේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here