Home Uncategorized වන්දනාවේ යමින් සිටි දෙදෙනෙකුට දිවි අහිමි කරමින් 29 දෙනෙක් රෝහල්ගත කෙරුණු අනතුර

වන්දනාවේ යමින් සිටි දෙදෙනෙකුට දිවි අහිමි කරමින් 29 දෙනෙක් රෝහල්ගත කෙරුණු අනතුර

0

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී අද අළුයම අනුරාධපුර වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගය අයිනේ නතරකර තිබුණු කන්ටේනරයක ගැටී ඇත.

මෙම අනතුරින් තලාවේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අවුරුදු 32 හා 71 යන වයස්වල පදිංචිකරුවන් දෙදෙනෙක් මියගොස් තිබේ.

මෙම අනතුරින් බස් රථයේ ගමන්කරමින් සිටි 29 දෙනෙක් තුවාල ලබා ඇත. ඒ අතරින් කාන්තාවන් 06 දෙනෙක් සහ පිරිමි එක් පුද්ගලයෙක් අඹන්පොල රෝහලටත් කාන්තාවන් 18 දෙනෙක් හා පිරිමි 04 දෙනෙක් ගල්ගමුව රෝහලටත් ඇතුලත්කර තිබේ.

මෙම අනතුරට හේතුව සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here