Home උණුසුම් පුවත් මැතිවරණ කොමිසමේ අලුත් සාමාජිකයන් පත්කිරීම ළඟදිම

මැතිවරණ කොමිසමේ අලුත් සාමාජිකයන් පත්කිරීම ළඟදිම

මැතිවරණ කොමිසමේ අලුත් සාමාජිකයන් පත්කිරීම ළඟදිම

මැතිවරණ කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් පත්කිරීම ඉදිරි දිනවලදී සිදුකරනු ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහා තෝරාගනු ලැබූ නව සාමාජිකයින් 05 දෙනා පිළිබඳ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකිරීමට නියමිතය.

ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසු වසර 05ක කාලයක් සඳහා ඔවුන්ගේ නිලකාලය ක්‍රියාත්මකය.

පසුගියදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සමාජිකයින් තෝරා ගැනීම සිදුකළේය.

ඒ අනුව එහි සභාපති ධුරය සඳහා හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත්කිරීමට අනුමැතිය ලබාදී ඇත.

ඊට අමතරව කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් එම්.ඒ.පී.සී පෙරේරා, හිටපු නීතී කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ දීපානී කුමාරජීව, නීතිඥ අමීර් ෆායිස් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය රමේෂ් රාමසාමි යන මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here