Home උණුසුම් පුවත් අවුරුද්දකට ඔබ පරිභෝජනය කරන ප්ලාස්ටික් ප්‍රමාණය දන්නවාද?

අවුරුද්දකට ඔබ පරිභෝජනය කරන ප්ලාස්ටික් ප්‍රමාණය දන්නවාද?

අවුරුද්දකට ඔබ පරිභෝජනය කරන ප්ලාස්ටික් ප්‍රමාණය දන්නවාද?

සෑම පුද්ගලයෙකුම වසරකට ප්ලාස්ටික් අංශු 50,000කට වඩා පරිභෝජනය කරන බව අද(05)ට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ තොරතුරුවල දැක්වේ.

ඒ නිසාම ලෝක පරිසර දිනයේ 50 වැනි සංවත්සරය යෙදෙන අද දිනයේ පරිසර දින තේමාව වී ඇත්තේ ප්ලාස්ටික් දූෂණයට විසඳුම් යන්නයි. අදාළ තොරතුරුවලට අනුව සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 430ක් ලොව පුරා නිපදවන අතර ඉන් හරි අඩක් නිර්මාණය වන්නේ එක් වරක් පමණක් භාවිතා කිරිම සඳහාය.

එහෙත් සංඛ්‍යා දත්ත අනුව ඉන් ප්‍රතිචක්‍රීකරණය වන්නේ සියයට 10කට අඩු ප්‍රමාණයකි. ලොව ප්ලාස්ටික් නිෂ්පාදනයෙන් ටොන් මිලියන 19-20ත් අතර ප්‍රමාණයක් අවසානයේ මිනිසා විසින් ගංගා,විල් සහ මුහුදු වලට මුදාහරින බවද හෙළි වි තබේ.

මේ නිසා ක්ෂුද්‍ර ප්ලාස්ටික් – විෂ්කම්භය මිලි මීටර් -5mm දක්වා කුඩා ප්ලාස්ටික් අංශු මිනිසාගේ ආහාර, ජලය සහ වාතය තුළට ඇතුළු වන බව ද අදාළ තොරතුරුවල දැක්වේ. ලෝක පරිසර දිනය යෙදෙන අද දිනයේ ප්ලාස්ටික් අවම කිරිමට ඔබත් අධිෂ්ඨාන කරගන්නැයි නිවුස්වේව් (www.newswave.lk) මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here