Home COVID ලබන 30 තෙක් පළාත් අතර ගමන් සීමා පනවන්න ජනපති උපදෙස්

ලබන 30 තෙක් පළාත් අතර ගමන් සීමා පනවන්න ජනපති උපදෙස්

ලබන 30 තෙක් පළාත් අතර ගමන් සීමා පනවන්න ජනපති උපදෙස්

රට පුරා සියලු පළාත් අතර ලබන 30 වැනිදා දක්වා සංචරණ සීමා පනවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

එමෙන්ම පිරිස් එක් රැස් වී කරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමටත්, වෙළඳ ආයතන තුළට පිවිසීම හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමටත්, ආසාදිතයින් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීමට ද ජනාධිපතිවරයා බලධාරීන් වෙත උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් මෙම සීමා පැනවීමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here