Home special යුක්‍රේන ජනපති පාප්වහන්සේ හමුවෙන්න ඉතාලියට යයි

යුක්‍රේන ජනපති පාප්වහන්සේ හමුවෙන්න ඉතාලියට යයි

යුක්‍රේන ජනපති පාප්වහන්සේ හමුවෙන්න ඉතාලියට යයි

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ශුද්ධෝත්තම ෆ්‍රැන්සින් පාප්වාහන්සේ බැහැදැක සාකච්ඡා කිරීමට අද (13) දින රෝමයට පැමිණ තිබේ.

එහිදී යුක්‍රේන ජනාධිතිවරයා පාප්වහන්සේ හමුවීමට ප්‍රථමයෙන් ඉතාලි අගමැතිනිය වන ජෝජියා මෙලෝනි සහ ජනාධිපති සර්ජියෝ මැටරෙල්ලා හමුවීමට නියමිතය.

සොලොන්ස්කි ඉතාලියට ලඟා වීමත් සමඟ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ “යුක්රේනයේ ජයග්‍රහණය කරා ළඟාවීම සඳහා වැදගත් සංචාරයක්!”යනුවෙනි.

යුක්‍රේන නායකයා ඉතාලියට ලඟා වීමත් සමඟව දහසකට අධික විශේෂ පොලිස් භට පිරිසක් යෙදවීමට ඉතාලි රජය පියවරගෙන තිබූ අතර ඔහු පැමිණි කාලයේදී ඉතාලි ගුවන් කාලාපයට දැඩි ආරක්ෂාවක් සැපයීමටද පියවරගෙන තිබිණි.

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට වතිකානුව සූදානම් බව ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය කාලය පුරාවටම ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම මස මුලදී, වතිකානුව යුද්ධය අවසන් කිරීම සඳහා සාම සැලැස්මක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ප්‍රකාශ කලේය. එම මෙහෙයුම තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවත් එය ප්‍රසිද්ධ පත් කළ විට තමන් ඒ පිළිබඳ කතා කිරීමට සූදාන්ම බවද පාප්වහස්සේ පැවසීය..

කෙසේ වෙතත් යුක්රේනය සහ වතිකානුව අතර සම්බන්ධය පසුගිය කාලයේදී යම් ආකාරයකින් නොසන්සුන් ස්භාවයක් ගෙන තිබිණි.

ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී වතිකානුවේ යුක්රේන තානාපතිවරයා පාප් වහන්සේ විවේචනය කරමින් ඉතා අසාමාන්‍ය ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කළේය. ඊට මූලිකම හේතුව වූයේ ඉකුත් වසරේ කාර් බෝම්බයකින් මියගිය රුසියානු අන්ත ජාතිකවාදියෙකුගේ දියණිය වන ඩාරියා ඩුගිනා යුද්ධයේ “අහිංසක” ගොදුරක් ලෙස පාප් වහන්සේ සඳහන් කිරීමයි. .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here