Home උණුසුම් පුවත් පාර්ලිමේන්තුව අසල බිලියන ගානක ඉඩමට හොර ඔප්පු හැදූ 2ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අසල බිලියන ගානක ඉඩමට හොර ඔප්පු හැදූ 2ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුව අසල බිලියන ගානක ඉඩමට හොර ඔප්පු හැදූ 2ක් අත්අඩංගුවට

කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් පාර්ලිමේන්තුව පෙනෙන නොපෙනෙන දුරින් පිහිටි රුපියල් බිලියන 3.7ක් වටිනා ඉඩමකට ව්‍යාජ ලේඛණ සකස් කර අලෙවි කිරීමට සූදානම් වූ විශ්‍රාමික ගුරුවරයෙක් ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඉඩම අක්කර දෙකක් පමණ වපසරියකින් යුක්ත එකක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග ආරංචි මාර්ග අනාවරණය කළේය.

අත්අඩංගුවට ගත් විශ්‍රාමික ගුරුවරයා ගොතටුව දොඩංගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වයස අවුරුදු 73ක් වන පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකරුවෙකි. ඔහු පනස් තුන් හැවිරිදි වියේ පසුවන්නෙකි. අදාල ඉඩමේ මුරකරු ඔහු මෙම වංචාවට ආධාර අනුබල දී ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here