Home උණුසුම් පුවත් කරන්නාගොඩට තහනම පැනවීම වැරදියි -රජය අමෙරිකාවට දන්වයි

කරන්නාගොඩට තහනම පැනවීම වැරදියි -රජය අමෙරිකාවට දන්වයි

කරන්නාගොඩට තහනම පැනවීම වැරදියි -රජය අමෙරිකාවට දන්වයි

වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට අමෙරිකාවට ඇතුළු වීමේ නුසුදුස්සකු ලෙස නම් කිරීමට එක්සත් ජනපදය ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ශ්‍රී ලංකාවේ බරපතල කනස්සල්ල අද(27) දින එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් වෙත ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ද්විපාර්ශ්වික හවුල්කරුවෙකු ලෙස, නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එක්සත් ජනපදය විසින් එවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගයක් ගැනීම ගැන රජය මෙලෙස අමෙරිකානු රජයට කනගාටුව පළකර තිබේ.

ජාතික සමගිය සහ සංහිඳියාව ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රවේශයට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රතිසන්ධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීමෙහිලා රජය ප්‍රගතියක් ලබා ඇති පසුබිමක මෙම නිවේදනය නිකුත් වීම ද අවාසනාවන්ත තත්ත්වයක් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මෙම අභියෝග මධ්‍යයේ වුවද, ප්‍රතිසන්ධානය, ආර්ථික ප්‍රකෘතිය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ක්‍රියා කරනු ඇති බව ද ශ්‍රී ලංකා රජය විසින් ඇමෙරිකානු තානාපතිවරියට දන්වා තිබේ.

සබැඳි පුවත් හිටපු නාවික හමුදාපතිවරයකුට අමෙරිකාව තහනම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here